සමාජ ජාල ඔස්සේ මැතිවරණ ප්රචාරක දැන්වීම් දහස් ගණනින් හුවමාරු වන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ පිළිබඳව එම මධස්ථානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති අතර ගැණිය නොහැකි තරම් ප්‍රමාණයක සමාජජාල මාධ්‍ය මඟින් අපේක්ෂක ප්‍රවර්ධනය හා අගතිය සිදුවීම නිහඬ කාල සීමාව අර්ථ ශුන්‍ය කිරීමට තරම් බලවත්වී ඇති බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එසේම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ නිහඬ කාලසීමාව තුළ තම මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතින පැමිණිලි ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත් එය දැඩිව අවධානයට ලක්කළ යුතු තත්ත්වයක් බවත් ඔවුහු පෙන්වා දෙති.
