යම්කිසි පාර්ශ්වයක් විසින් මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් සිදුකරයි නම් එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ මුදාහරින වීඩියෝ නඩු භාණ්ඩ ලෙස භාවිත කරමින් වැරදි කරුවන්ට නීතිය ක්‍රියාත්ක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එසේම පොලීසියද මේ වන විට සියුම් කැමරා භාවිත කරමින් නීති උල්ලංගණය කිරීම් වීඩියෝ කරන බවත් පොලිස් කොට්ඨාසවෙත තවත් කැමරා අවශ්‍යනම් පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා සිටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
