මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් බැනර් ප්‍රදර්ශනයට එරෙහිව අධිකරණයට
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් බැනර්, කටවුට් හා විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවට හා පරිසරයට සිදුකරන හානි වළක්වා ගැනීමට අද (09දා) දින අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
පරිසරයට හානි සිදුවන ආකාරයේ කටයුතු හා මහජනතාව අපහසුතාවන්ට පත් කරන දෑ සිදුනොකරන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දිගින් දිගටම උපදෙස් ලබාදුන්නද, එය උල්ලංඝනය කරමින් තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා පැවසීය.
එබැවින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට පරිසර අධිකාරියට නීති සකස් කිරීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා අද අභියානාධිකරණයට කරුණු වාර්තා කරන බවද හෙතෙම පවසා සිටියේය.
පෝස්ටර්, කටවුට්, බැනර් මගින් පරිසරය විනාශ කළ දේශපාලනඥයන් මේ වනවිට විද්‍යුත් පුවරු, පොදු ස්ථානවල සවිකර ජනතාවගේ දෑස් අපහසුතාවන්ට පත්වන ආකාරයේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටින බවද හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
popular news
-
දේශප්‍රේමී හිස්බුල්ල හා ශිවාජිලිංගම් Wednesday, 09 October 2019 12:20 PM
දැන් ආරක්ෂාව සම්පුර්ණයි. හිස්බුල්ල හා ශිවාජිලිංගම් සුළු චන්ද කඩන්න කොත්රතෙක අරගෙන නිසා උන් දෙන්නම දැන් පට්ට දේශප්‍රේමියෝ නේ . තව දේශප්‍රේමී වෙන්න තියෙන්නේ බදුර්දීන් හා හකීම් විතරයි. එක ඉතින් චන්දෙ දිනනට පස්සේ වුනේ නැත්තන් ඉතින් ලබන අප්‍රේල් විසුරවනකම් අගමැති රනිල් . උන්දෙන්නත් දේශ ප්‍රේමි වෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ. එතකොට අද එතන ඉන්න රතන හෙට කොතන ඉදීද. සිජිත් ජනපති උනොත් රනිල් අගමැති නිසා ලංකාව ඇමෙරිකාවේ අතකොළුවක් . ගෝඨාභය ජනපති උනොත් ඇමෙරිකන් පබයෙක් ජනපතිවෙලා ඇමරිකන් අතකොළුවක් අගමැති වෙනවා . කොහොම උනත් ඇමෙරිකන් කොලනියක්. මෙවර විකල්පයක් බලගැන්වීම කල යුතුමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

