මැතිවරණ ක්‍රම හා නීති සළකා බැලීමට තේරීම් කාරක සභාවක්
මැතිවරණ සහ ඡන්ද විමසීමේ ව්‍යුහයේ නීතිරීතිවල වෙනසක් ඇතිකිරීමට පත් කරනු ලබන තේරීම් කාරක සභාවේදී සියලු මැතිවරණ නීති රීති සහ සියලු මැතිවරණ ක්රමයන් පිළිබඳ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ( 26 ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ විකපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදාරියේදී පත්කිරීමට නියමිත තේරීම් කාරක සභාවේදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාළන යන මැතිවරණ තුනම සලකා බලන්නේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුව රැස් වුණා ඔබේ සාමාජිකත්වයෙන්. ඒ වෙලාවේ අපි කරුණු කියල එකඟතාවයකට ආව. මෙය අනුමත කළා. සෑම පාර්ලිමේන්තුවක්ම මෙවැනි කාරක සභාවක් සම්ප්‍රධායක් ලෙස පවත්වනව. මේක හදිස්සියෙ කරන දෙයක් නෙවෙයි. බොහෝ පාර්ශවයන් මීට සම්බන්ධවෙනව."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

