මැකෝගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනපතිවරයාගේ ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියකින් දන්වා තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය, මැතිවරණ නීති රීති සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇති හෙයින් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් සභාපතිධුරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව ජනපතිගේ අදහස වී තිබේ.
popular news
-
Champa Tuesday, 10 December 2019 08:52 PM
හපොයි එහම නැතුව කොහොමද නේද? සුපිරිසිදු මහජන චන්දයෙන් බිහි වෙච්ච සිංහලේ අන්තිම ජනනායකයා මහින්ද රාජපක්ෂ. ඊට පස්සේ පත් වෙච්ච ජනාධිපතිවරු දෙන්නම බිහි කලේ "මැකෝ". අලි සබ්රිගේ කූඨ ලේඛන පිලි අරන් මැකෝ පස්සේ කිව්වා ජනාධිපති අපේක්ෂකයන්ගේ සුදුසුකම් බලන එක එයාට අයිති නැහැ කියල. එහෙනම් යකෝ මැකෝ මහින්දටත් පුළුවන් වෙන්න එපෑය ජනාධිපතිවරණෙට ඉල්ලන්න? ඒ මොකොද කිව්වා නම් නුසුදුසුකම් දෙකම, ඒ කියන්නේ දෙපාරකට වඩා ඉල්ලන්න බැහැ සහ ද්විත්ව පුරවැසියන්ට ඉල්ලන්න බැහැ කියන දෙකම තිබ්බේ එකම 19 වෙනි සංශෝධනයේ නිසා. එක මිනිහෙකුට ඉඩ දෙන්නයි අනික් මිනිහට බැහැ කියන්නයි ඉඩ දුන්නේ මොන මැතිවරණ නීතිය යටතේද? මැකෝ ඉන්නකම් මින් පස්සේ ලංකාවේ ජනනායකයෝ බිහි වෙන්නේ නැහැ. ඒ තියා නායකයොත් බිහි වෙන්නේ නැහැ. මින් පස්සේ ජනාධිපති විදිහට බිහි වෙන්නේ ඩීල් කාරයෝ. ඊළඟ ඩීල් ජනාධිපති බැසිල් වෙන බවට දැනටම අනාවැකියක් දීල තියෙනවා අර පොටවත්තට. 2015 ඉඳන්ම මිනිහ අනාවැකි කියන්නේ කේන්දර බලල නෙමෙයි. මිනිහ කියන්නේ මිනිහට "දෙන" අනාවැකි. ඉස්සෙල්ල එක පාර්ශවයක්. දැන් වෙන පාර්ශවයක්. මහින්ද ගෝඨාභයගෙයි බැසිල්ගෙයි ලනුව කෑව. 2015 මහින්දව පරදන්න මේ දෙන්නම හවුල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

