මාස 7කදී සහරාන්ගේ කල්ලියට රුපියල් බිලියනක මුදල්
තහනම් කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ, කොළඹ ෂැංග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී සහරාන් හෂීම් ඇතුළු පිරිසට මාස 7කට ආසන්න කාලයකදී රුපියල් බිලියනයකට අධික මුදලක් ලැබී ඇති බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
අද (08දා) කොළඹදි පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවැසීය.
“මේ සහරාන් කල්ලියට 2018 සැප්තැම්බර් මාසයේ සිට 2019 මාර්තු මාසය දක්වා කාලය තුළ අඩුම තරමේ දශ ලක්ෂ 1000 කට ආසන්න, රුපියල් බිලියනයකට ආසන්න මුදල් ගිණුම් ගණනාවකට පැමිණිලා තිබෙනවා. මේ මුදල් සංසරණ කි‍්‍රයාවලිය පිළිබඳ ඉතාම වැදගත් සොයා ගන්න එක මොවුන්ගේ ජාලය සොයා ගැනීම සඳහා. ඒ සඳහා යම් යම් පියවර රජය අරන් තිබෙනවා. නමුත් ඉදිරියේ මීට වඩා විධිමත්ව එම පියවර ගත යුතු වෙනවා.
මේ අන්තවාදීන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා විශේෂයෙන්ම අන්තර්ජාලයේ කි‍්‍රයාදාමයක් අනුගමනය කළ යුතුයි. සහරාන් හෂීම් සහ ඔහුගේ ප්‍රහාරයට සම්බන්ධවූ 9 දෙනා සැම්සොන් දුරකතනවල තිබෙන ටීම් කියන විශේෂ ඇප් එක තමයි පාවිච්චි කළේ. එමගින් කිසිම ආකාරයකට ඔවුන් දුරකතන ඇමතුමක් ගත්තා කියලා දුරකතන කුළුනක හෝ වෙන කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ.
ඒ නිසා මේක එක්තරා ආකාරයක තාක්ෂණ යුද්ධයක්. එම නිසා තාක්ෂණයේ ශක්තිය අපි ලබාගන්නේ නැතිව මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ. මේක අන්තර්ජාලයේ නොයෙකුත් තැන්වල තිබෙන දෙයක් නිසා.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

