මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී අලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම කාලය තුළ අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ එකසිය තුනක් සිදුව තිබෙන අතර, ගෙවීගිය මාස 11ක කාලය තුළ අලි ඇතුන් මියයාම සඳහා අලි-මිනිස් ගැටුම් හා ස්වාභාවික හේතූන් බලපා තිබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වසරේ ගෙවීගිය කාලය තුළ මියගිය අලි ඇතුන්ගෙන් හයදෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත.
පසුගිය වසරේදී සමස්ත කාලය තුළ අලි ඇතුන් තුන්සිය දහනවයක් මියගොස් තිබෙන අතර, ඉන් දහසය දෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පසුගිය වසරේදී අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ අනූදෙකක් සිදුව තිබෙන අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී අලි ඇතුන් මියයාම හා පුද්ගල මරණ ඉහළ ගොස් තිබේ.

popular news
-
smantha jayasekara Wednesday, 11 December 2019 07:13 AM
ඔය දුපතේ මිනිස්සු ,ගොඩනැගිලි බලන්න විදේශික සංචාරකයෝ නොඑත්.ඔවුන් එන්නේ ස්වභාවික සිරිය සහ අලිඇතුන් නරබිමටයි.මේ දුපතේ අය ඒ සුන්දරත්වය විනාශ කරනවානම් වැසි ගං වතුරෙන් බේරිලා ඉතුරි උනොත් ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

