සමන්තුරය, ඉමාමි රූම් පාසල පාර ප්ර දේශයේ නිවසක සිටි මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
අද උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ. දැරියන්ගේ මව සමන්තුරය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් පොලීසිය පවසයි.
මෙම මව මානසික ආබාධයකට ප්රතිකාර ලබාගෙන ඇතිබවට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
