මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා කි‍්‍රයාත්මක කිරීමට යෝජිත සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2024 වසරේදී නිම කිරිමට නියමිත බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ජපන් ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මූලික අදියර ක්‍රියාත්මක කරමින් ශක්‍යතා අධ්‍යන වාර්තාව ජයිකා ආයතනය විසින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත අද (29දා) ලබාදුන්නේය.
සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබාදේ.
මේ වන විට ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ වී ඇත.
2019 වසර ඇතුළත විස්තරාත්මක සැලසුම නිම කිරීමටත් 2020 දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට 2024 දී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

