මාර්ග අනතුරුවලට ලක්වුවන් සැමරිමේ ජාත්‍යන්තර දිනය -නොවැම්බර් 18
2017 වසරේ පොලිස් දෙපාර්තමේන්තවේ වාර්තා වලට අනුව 3153 දෙනෙකු මාර්ග අනතුරු නිසා ජිව්තක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
දිනකට පුද්ගලයින් 8 දෙනෙකු මාර්ග අනතුරු නිසා මිය යන බව වාර්තා වන අතර ඉන් වැඩිම පිරිසක් අවු15-44 අතර රටේ සංවර්ධනයට උරදෙන ශ්‍රම බලකායේ සමාජිකයින් වේ.
මරණයට පත් වුවන් පිළිබදව සලකා බැලිමේදි යතුරුපැදිකරුවන්,පදිකයින් හා වාහනවල ගමන් කරන මගීන් වැඩි වශයෙන් මරණයට පත්ව ඇත .යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ඉතා අනාරක්ෂිත වාහන බව සදහන් වේ.බොහෝ විට අධික වේගයෙන් වාහන පැදවිම ,බීමත්කම ,ජංගම දුරකථන භාවිතා කිරිම නිදිමත සහ අධික වෙහෙසට පත්ව රිය පැදවිම රිය අනතුරු වැඩි විමට හේතු බව සදහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ හදිසි අනතුරු වැළැක්විමේ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසන පරිදි මෙලෙස දිනෙන්දින මාර්ග අනතුරු වැඩි විම නිසා රටේ සංවර්ධනයට එය බලපෑමක් වන බවයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

