මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. තරුණයන් 11 දෙනෙක් පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුව සඳහා පෙනී සිටීමට පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඡායාරූප ගත කිරිමට පැමිණි මාධ්‍යවේදීන් මෙහිදී පහරදීමකට ලක්විය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පසුව මාණ්ඩලික ප්‍රධානී වෙනුවෙන් ඔහුගේ නිලධාරියෙක් මාධ්‍යයෙන් සමාව ඉල්ලීය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිඩියක් යොමුකරන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ යළිත් වතාවක් මාධ්‍ය භීෂණය ආරම්භ වී ඇති බවයි.
යලි වතාවක් මාධ්‍ය භීෂණය !!! දෙරණ සහ Sunday Morning ජනමාධ්‍ය වේදීන්ට උසාවි අභියස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ආරක්ෂකයන්ගෙන් ප්‍රහාරයක්. @UNSriLanka @USEmbSL @PScotlandCSG @UKinSriLanka @IndiainSL @CanHCSriLanka @SLinAustralia @GermanyinSL @UN_HRC #lka
— Mangala Samaraweera (@MangalaLK) November 28, 2018
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
