මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සිටින බවට තොරතුරු
මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සැරිසරණ බවට තොරතුරු සහ එම වනඅලියාගේ ජායාරුප මේවන විට එම උද්‍යානයේ උද්‍යාන පාලක බුද්ධික විතාරණගේ මහතාගේ පුද්ගලික මුහුණු පොතේ පලකර තිබේ.
මේ සම්බන්ධයෙන් මාදුරුඔය උද්‍යාන පාලක සම්බන්ධ කර ගැනිමට උත්සාහ කලත් සම්බන්ධ කර ගැනිමට නොහැකි විය.
පොලොන්නරුව වනජිවි සහකාර අධ්‍යක්ෂක ඩබ් එම් කේ එස් චන්ද්‍ර රත්න මහතාගේන් මෙම සුදු වනඅලියා පිලිබද විමසා සිටියා.
එහෙම වනඅලියෙකු පිලිබදව තොරතුරක් ලැබිලා තියෙනවා. ඊයේ දිනයේ එම උද්‍යානයේ නිළධාරියෙකු දැකලා තිබෙනවා සුදු අලියෙකු මාදුරුඔය වැව ඉස්මත්තේ ආහාර ගනිමින් සිටිනවා. ඒ අවශ්ථාව එම නිළධාරියාගේ ජංගම දුරකථනයෙන් ජායාරුප කිපයක් අරගෙන තිබෙනවා. නමුත් ඒ පිළිබද හරියට කියන්න අමාරුයි එම සතා පිලිබද නිරික්ෂණයක් නොකර. කෙසේ නමුත් මෙවැනි සතෙකු සිටින්න පුළුවන් ජාන වෙනස් විම් තුලින්. අපි හරියට දන්නේ එම සතාගේ ශරිරයේ වෙනත් ද්රමවයක් තැවැරිමක් වෙලාද කියලා දන්නේ නැ. ජායාරුපවලින් පෙනුනාට එම සතාව පරික්ෂාවකින් තොරව කියන්න අමාරුයි. යැයි අධ්යික්ෂකවරයා කිය .
හිගුරක්ගොඩ--ඩබ් ඒ පියතිලක

popular news
-
janahitha Wednesday, 26 August 2020 04:31 PM
me sirikothe hitapu maha aliya ne kohomada maduru oyata yana kam avidagena giye mage deyyoo
Reply : 0 0
Don Wednesday, 26 August 2020 07:10 PM
He has got COVID white skin!!
Reply : 0 0
Kumar Wednesday, 26 August 2020 09:29 PM
Only one white Elephant? The government owns a herd white elephants
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

