මාදම්පිටිය ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ග්රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (16දා) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම පහරදීම සඳහා පැමිණි ත්රිරෝද රථයක් මාදම්පිටිය කනත්ත අසළදී සොයාගෙන තිබේ.
එම ත්රිරෝද රථය මට්ටකුලිය ප්ර දේශයේ පදිංචි මේ වන විට බන්ධනාගාරගතව සිටින ඩබ්.ඒ. නිරෝෂනී (කුඩු රොෂාන්ගේ බිරිඳ)ගේ බවට අණාවරණය වී තිබේ.
ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් සොයාගන ඇති අතර තවදුරටත් නිවස අසළ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ මොහොමඩ් රාම්ලාන් (19), සුදේශ් අසංක (18), කෝලිත සිල්වා (34) යන අයයි.
සැකකරුවන් මට්ටක්කුලිය පොලීසිය භාරයේ සිටින බවත් ඔවුන් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය පවසයි.

popular news
-
Don Friday, 16 August 2019 07:19 PM
මේ අය කුඩු විකුනනවා,කුඩු බොනවා , මිනීමරනවා, හිරෙටයනවා නිදහස්කරනවා ආයෙත් ඒකම කරනවා.ඒ අය වෙනුවෙන් ඉදිරිපත්වෙන්න කුඩු නීතිඥ වරුත් ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

