මාතර විහාරස්ථානත් මංගලට තහනම්
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය අද (05) තීරණය කළේය.
ඒ අනුව තීරණය කර ගත් කරුණු අනුව කටයුතු කරන බවට මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට දී ප්‍රතිඥාවක් ද ලබා දුන්හ.
අදාල සංඝ ආඥාවේ පිටපත් හෙට (06) දින මාතර දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ පූජනීය ස්ථාන වෙත තැපැල් කර යැවීමට ද කටයුතු යොදා තිබේ.
එම නියෝගය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම වෙහර විහාරස්ථාන වල, ආරණ්‍ය සේනාසන වල, මෙහෙණී ආරාම ඇතුළු සියලුම බෞද්ධ සිද්ධස්ථාන තුළ කිසිදු කටයුත්තකට සහභාගී කර නොගත යුතුය.
එමෙන්ම ඒ මහතා සහභාගී වන මංගල, අවමංගල, රාජ්‍ය උත්සව, පෞද්ගලික උත්සව, දානමය පිංකම්, ගෙවැදීම් , මුල් ගල් තැබීම් ආදී සෑම උත්සව අවස්ථාවකටම භික්ෂූන් වහන්සේලා සහභාගී නොවීමටත් සහභාගී වී සිටින අතරතුර මංගල සමරවීර මහතා පැමිණියහොත් ඒ අවස්ථාවේදීම ආසනවලින් ඉවත්ව යාමටත් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා දිස්ත්‍රික් විහාරාධිපති සංගමය තීරණය කර තිබේ.
මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි




popular news
-
dilal Wednesday, 05 June 2019 07:59 PM
කරන්න පුලුවන්නම් හොඳයි අපේ hamuduruwane ජනතාව පන්සල් හඳුන්වනේ හාමුදුරුවරු දෙසපලනයට අවට පසු හාමුදුරුවරු සහය දෙන දේසපාලන පක්ෂ අනුවයි.අලුත්ම පන්සල් තමයි පොහොට්ටුවේ පන්සල් .පොහොට්ටුවේ පන්සල් හුගක් කලින් ශ්‍රී.ලංකා පන්සල් ඒ කියන්නේ ශ්‍රී.ලංකා නිදහස් පක්ෂයට සහය දුන් පන්සල්.ඊළඟට යු එන්.පි පන්සල් ජේ වී.පි පන්සල් ,හෙළ උරුමයේ පන්සල් ආදී වසයෙන් .මෙයින් යු.එන්.පි.පන්සල් නම් මංගලට තහංචි දන එකක් නැහැ.
Reply : 0 0
Don Wednesday, 05 June 2019 09:36 PM
මංගල කියන්නේ මාතර, වල්පොල, සිරිමංගල මහා පිරිවෙනේ හැදිච්ච පුද්ගලයෙක්, JR කිව්වා වගේ මේකාලේ පඩික්කම් පුරවා පුරවා ඉන්න ය දන්නේ නැතිව ඇති.
Reply : 0 0
Kumar Thursday, 06 June 2019 07:31 AM
කෙනෙකුගෙ අදහස් ඔබවහන්සේලගේ මතයට පටහැනිනම් ඒ තැනත්තා පාපතරයෙක්ද. අසමසම කරුණාව ඇති බුදු සමිදුන් ඔය ආකාරය සිතනවකියල සිතන්න පුලුවන්ද. බුදුසමිදුන් කවමදාකවත් දේශපාලනය සම්බන්ද වුනේ නැහැ.
Reply : 1 0
Champa Thursday, 06 June 2019 08:46 AM
එල එල. ඔය තියෙන්නේ. ඔන්න ඔහොම එන්න. දේශපාලකයෝ නැතුව, පාට පක්ෂ නැතුව මහා සංඝ රත්නය සහ ජනතාව එකට එකතු වෙනවා නම් මොනවා කරන්න බැරිද? මේවා කරන්න තිබ්බේ 2015 ඉදන්. පරක්කු වෙලා හරි කමක් නැහැ මෙම වර්ජනය කරන එක හොඳයි.. යූඑන්පී කාරයෝ ඔක්කොම වගේ ආවේ හොර මනාප වලින්. ඒ හින්ද ඉස්සෙල්ල තියන්න ඕනේ ජනාධිපතිවරණයක්. වහල් ආණ්ඩුව තියෙන කොට මහ මැතිවරණයකට යන එක නුවණක්කාර නැහැ. අනික චන්ද කොම්පැනියේ සභාපති 3 පාරක්ම අවසන් චන්ද ප්‍රතිඵල එන්න ඉස්සෙල්ල පැය ගානක් ප්‍රතිඵල නිකුත් කරන එක නතර කරලා තිබ්බ. එමිනිහ යටතේම නැවත මහ මැතිවරණයකට ගියොත් යූඑන්පී කාරයෝ ගෙදර යවන්න ලැබෙන්නේ නැහැ. නැවත හොර චන්ද දාන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න නම් ආයේ ලැබෙන්නේ නැහැ. ඒ වුනත් chance එකක් ගන්න හොඳ නැහැ. නියමයි. ඔය තියෙන්නේ ඔහොම පටන් ගනිමු රට පුරාම. කාලෙක ඉඳන් කියනව වගේ, පෘතුග්‍රීසීන් ලන්දේසින් ඉංග්‍රීසින් එන්න ඉස්සෙල්ල මේ රටේ සියලු සිංහලයෝ බෞද්ධයන්. 1988 කාලේදී සිංහලයන්ගෙන් සියයට 93%ම බෞද්ධ. විවෘත ආර්ථිකය අපේ සිංහල බෞද්ධ සමාජය විනාශ කළා. මේ රට සිංහල රටක් නෙමෙයි කිව්ව වහල් ඇමතිට පෙන්නන්න ඕනේ සිංහල බෞද්ධයාගේ බලය! මේ වැඩේට එකතු වෙමු!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

