මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය 08දා ජනතා අයිතියට
මාතර සිට බෙලිඅත්ත දක්වා වූනව දුම්රිය මාර්ගයේ කිලෝමීටර 36ක කොටස මේ මස 08වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉදිකිරීම් අවසන් කර ඇති මෙම මාර්ගයේ අවසන් පරීක්ෂණ දුම්රිය ඊයේ (31දා) මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණ ඇති බවත්, එය සාර්ථක බවත් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය වාර හතරක් ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරින් දුම්රිය තුනක් මරදාන දක්වාත්, තවත් දුම්රියක් කිලිනොච්චිය දක්වාත් දිනපතා ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

popular news
-
Lion Monday, 01 April 2019 11:16 AM
අපට Rajapaksha වහලුන් bala ගන්න තව අවස්ථාවක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

