මාකලන්දාවේ ආපන ශාලාවක හිමිකරුවකු ඉලක්ක කරගනිමින් ඊයේ (5) දින රාත්රියේ අත්බෝම්බ ප්රහාරයක් එල්ල කොට ඇති බව මීගහතැන්න පොලීසිය පවසයි.
මෙහිදී බෝම්බය පුපුරාගොස් නැති අතර එම ස්ථානයෙන් ඉවත්ව වාහාම පොලීසියට දැනුම් දී තිබේ.
ආපනශාලාවේ හිමිකරුවා සහ එහි සේවකයකු සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම ප්රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.
වැලිපැන්න විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ස්ථානයට ආරක්ෂාව සපයා ඇති අතර පුපුරා නොගිය කොටස් ඇසුරෙන් පරීක්ෂණ අරඹා තිබේ.
