දංකොටුව ප්‍ර දේශයේ පාරිසරික ගැටලු විසඳීම සඳහා මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම අවිධිමත් මැටි කැණීම හේතුවෙන් දංකොටුව ප්‍රදේශය මා ඔය ආශ්‍රිතව පාරිසරක ගැටලු රාශියක් පැනනැගී ඇත.
මෙම ගැටලුව විසඳීම සඳහා මා ඔය පෝෂිත කලාපය දෙපස ප්‍රමාණවත් පළලකින් යුතු පරිසර සංවේදී රක්ෂිතය ප්‍රකාශයට පත්කරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව යෝජිත රක්ෂිතයේ වයඹ පළාතට අයත්වන කොටස 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්රඥප්තිය යටතේ හා බස්නාහිර පළාතට අයත්වන කොටස 1980 අංක 47 ජාතික පරිසර පනත යටතේ මා ඔය පරිසර සංවේදී රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
