මහෙන්ද්‍රන් ගැන සිංගප්පූරුව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි
මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
අල්ලස හා දූසණ තුරන් කිරිමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්විමේ අවස්ථාවට අද (18දා) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම කරුණ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ජනපතිවරයා සඳහන් කළේය. බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට විවිධ අභියෝග හා ගැටලුවලට මුහුණදීමට සිදුවූ බවද ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
Champa Monday, 18 March 2019 06:00 PM
විකාර. සිංගප්පූරුව බැඳිලා නැහැ එහෙම ප්‍රකාශ කරන්න. ආආ සිංගප්පූරුවට කිව්වද දන්නේ නැහැ දෙන්න බැහැ කියන්න කියලා. ඒතකොට කිව්ව්හැකි මම ගෙන්න ගන්න try කළා හැබැයි සිංගප්පූරුව බෑ කිව්වනේ කියලා. ලංකාවේ දේශපාලකයන් නම් දැන් මිනිස්සුන්ට ඔක්කාරෙට එනවා.
Reply : 0 11
Deepal Nirosh Tuesday, 19 March 2019 04:56 PM
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරට පත් කළේ සිංගප්පූරු අගමැති කියල ද? නැතිනම් මහේන්ද්‍රන් අධිපති තනතුරට ඉල්ලුම් කළ නිසා ද? ඉස්සෙල්ලා ඔබතුමා මේ ගැන රටට ප්‍රකාශයක් කරල ඉන්න.
Reply : 0 0
ගමගේ Tuesday, 19 March 2019 09:34 PM
මෙයා 2015 රැස්වීම්වල කිව්වේ එවකට හිටිය ආණ්ඩුවේ හොරු අල්ලනවා කියල. ඒ එක හොරෙක් වත් අල්ලලා දඩුවම් නොදී මේ ළඟ නැති මහේන්ද්‍රන් කෙනෙක් ඉල්ලලා ගෝසාව. අඩුතරමේ ග්‍රාමසේවක කෙනෙක් වත් තරම් වැඩක් කරලා ගිය ආණ්ඩුවේ ඉදන් රට කාපු එක හොරෙක් හරි අල්ලලා දඩුවම් දෙන්න .. එතකොට සින්ගපුරුව මෙයා කියන ඒවා අහවි .
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

