මහින්දට ගයන්තට වාහන ගන්න රු. කෝටි 8.2
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (ගයන්ත කරුණාතිලක), විපක්ෂ නායකවරයාට (මහින්ද රාජපක්ෂ) යන මහත්වරුන්ට වාහන ලබාගැනීමත් රුපියල් ලක්ෂ 400ක් හා රුපියල් ලක්ෂ 429ක් ලෙසත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට ලක්ෂ 199ක් ලබාගැනීමට අදාළව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසීය.
අද (18දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මෙයට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ තමන් 1989 වසරේ සිට සිටින්නේ තම නිවසේ සිටි බවයි. එසේම එය වැරදීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ගයන්ත කරුණාතිලක මහතාද සඳහන් කළේ තමන්ට නව වාහනයක් අවශ්‍ය නොවන බවයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයෙන් විමසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට වාහනයක් ලබාදීමට විරුද්ධනම් නැගිටින ලෙසයි.
මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන් විපක්ෂනායක ලෙස පත්වීමට පෙරාතුව කටයුතු කළ විපක්ෂනායකවරයා වාහන රැගෙන ගිය බවත් ඉන් අනතුරුව ගත් වාහනයකට මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවයි.
එසේම ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් ලබාගැනීමට පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
අනතුරුව අදහස් දැක්වූ සභානායකවරයා ප්‍රකාශ කළේ එම පරිපූරක ඇස්තමේන්තුව ඉල්ලා අස්කර ගන්නා බවයි.

popular news
-
Chathuri Tuesday, 18 June 2019 06:27 PM
රට. වටේ යන්න ගිනි තියන්න කෝටි ගණන් වටිනා. වාහන , දුප්පත් මිනිසාගේ. සල්ලි පිල්ලි. ගහන කාල කන්නි , සමුර්දිය වැඩි කරන්න දුප්පතාට , පිට රටවල. නායකයෝ. පල්ලි. පන්සල්. නොගියත් හොර. කන්නේ නැහැ. ඒ. වුනාට. අපේ. උන්. ඉන්නෙම. පන්සලේ. , කරන්නෙම හොරා කන. එක දුප්පතාගේ දේවල්
Reply : 0 0
Nandana Tuesday, 18 June 2019 09:09 PM
තොපි ඔක්කොම බෙදාගනියව් ,, අපි හුලන් බොන්නම් ,
Reply : 0 0
Champa Wednesday, 19 June 2019 09:59 AM
කජු ඇටද කොස් ඇටද යකෝ මහජන මුදල් පෞද්ගලික සුඛ විහරණයට මේ වගේ නාස්ති කරන්නේ? අර තිස්සමහාරාමේ කිරි දරුවෙක් මැරිලා බඩගින්නේ ඉඳල. බඩගින්නේ! දරුවට ත්‍රිපෝෂ ටික අරන් දෙන්නවත් ඒ අම්මට බැරි වුනාලු. තොපි මෙහෙ වාහන ගන්නයි ගෙවල් අලුත් වැඩියා කරන්නයි කෝටි ගණන් වියදම් කරනවා. කාලකන්ණි. සිංහල දේශපාලකයෝ කිසි දවසක දුප්පත් සිංහල මිනිහ ගැන බැලුවේ නැහැ. බලයට ආවහම කරපු තරමක් කරේ ධනපතියන්ට, මහා ව්‍යාපාරිකයන්ට, මුස්ලිම් සහ දෙමල දේශපාලකයන්ට සහ ඔවුන්ගේ නෑයින්ට සහ තමන්ට සහ තමන්ගේ නෑයින්ට. මිනිස්සුන්ට දැන් දැන් මුළු පාර්ලිමේන්තුවම පිළිකුල් වෙලා තියෙන එක පුදුමයක් නෙමෙයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

