හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.
එම සමාගමේ ඒකාබද්ධ කළමණාකරණ අධ්යක්ෂික් ඇන් ෂින් මාධ්‍ය හමුවක් අමතමින් පැවැසුවේ එම වාර්තාව විකෘති කළ කරුණුවලින් සමන්විත බවයිත.
හම්බන්තොට වරාය ජාතික චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් හේතුවෙන් එය ක්‍රියාවට නැංවූ බවද ඇය සඳහන් කරයි.
ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා තම සමාගම කිසිම ආකාරයක මැදිහත්වීමක් නොකරන බවත් ඒ පිළිබඳව නීතියට අනුකූලව ඕනෑම ආයතකයක් විසින් පවත්වන පරීක්ෂණයකට සහයෝගය දෙන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
