මහින්ද රාජපක්ෂ මහතාටත් වහල් මානසිකත්වයක් තිබුණා
නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළ ආකාරය පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් කැඳවා තිබීම සම්බන්ධව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විවේචනය කළේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ,යුතුකම සංවාද කවය විසින් තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (31දා) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
ජනාධිපතිවරයා වටේ සිටින පණ්ඩිත උපදේශකයන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් විදෙස් තානාපතිවරුන් ගෙන්වා පැහැදිලි කිරීම් සිදුකර තිබෙන බවත්, ස්වාධීන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ගනු ලබන සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම බටහිරට දැනුම්දීමට අවශ්‍ය නොමැති බවත්ගු ණදාස අමරසේකර මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා වහල් මානසිකත්වයෙන් මිදුණු පුද්ගලයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්,මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාටද වහල් මානසිකත්වය නමැති රෝගය වැලඳී යුද්ධය අවසන් කළ ආකාරය බටහිර රටවල්වලට පැහැදිලි කිරීමට එල්.එල්.ආර්.සී. වාර්තාව සකස් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
silva Wednesday, 31 October 2018 06:18 PM
අඩෝ දත් දොස්තරයෝ... උඹ අපිට කන්න දෙන්නේ හබරල අලද ? විදේශ සම්බන්දතා එපකියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

