මහින්ද මහත්තයාට බලය නෑ කියලා පැහැදිලියි කියලා කිව්වා - TNA
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බවට පැහැදිලි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපි කිව්වේ ඔක්තෝබර් 26 දායින් පසුව ඇතිව තිබෙන ප්‍රශ්ණ විසඳහන්න කියා අපි කිව්වා. මෙහෙම රට ගෙනියන්න බෑ කියලත් කිව්වා. ජනාධිපතිතුමා කිව්වා දවස් තුන හතරකින් මේ ප්‍රශ්ණ විසඳනවා කියලා.
ලබාදෙන විසඳුම මොකක්ද කියලා කිව්වේ නෑ. මේ ප්‍රශ්ණ ටික අවසන් කරලා රට හොඳ විදිහට ගෙනියන බව ඔහු කිව්වා. පාර්ලිමේන්තුවේ 113ක් තිබෙන කෙනාව (අගමැති ලෙස) පත්කරනවා කියලා කිව්වා. මහින්ද මහත්තයාට බලය නෑ කියලා පැහැදිලියි කියලා කිව්වා.”

popular news
-
Don Saturday, 01 December 2018 08:24 AM
සිරිසේන මහින්ද කණ්ඩායම මිනිස්සු මුලාවේ දාන, කල්මරණ සෙල්ලමක් දාන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
