මහින්ද මහත්තය මම ගරු කරන රටේ හිටපු ජනාධිපතිවරයෙක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ බවට පවසමින් රට තුළ ප්‍රශ්න ඇති නොකරන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
රටේ ජනපති ,අගමැති ඇතුළු ඕනෑම පුද්ගලයෙකුව අධිකරණයට ගෙන යා හැකි ලෙස රටේ නීතිය ස්වාධීන කර ඇති බවත්, එය රටේ සාමාන්‍ය පුරවැසියාගේ සිට රටේ ජනාධිපති දක්වා පොදු ලෙස යහපාලන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උදා කර දුන් බවත් ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ මහනුවර මහයියාව කලෙයිමගල් පාසල් ළමුන්ට පාසැල් පොත්පත් හා පාසැල් උපකරණ ලබාදීම වෙනුවෙන් ඊයේ (18දා) එම පාසලේ පැවැති උත්සවයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් සී අයි ඩීය ප්‍රස්න වගයක් ඇහුව කියල ඒකාබද්දය දැන් ලොකු ආන්දෝලනයක් රට වටේ ගෙනයනව. ඒක කල්ලියක්ද, ඒකාබද්දයක්ද, ස්වාධීනද කියන්න දන්නෙ නෑ. මහින්ද රජපක්ෂ මහත්තය මම ගරු කරන රටේ හිටපු ජනාධිපතිවරයෙක්.
නමුත් අපි රජය ගත් පසුව රටේ ජනාධිපතිවරයත් අධිකරණයට ගෙන යා හැකි ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීති ගෙන ආව. ඒ නීතිය වත්මන් ජනාධිපතිතුමාටත් අදාළයි ඒක තමා රටේ දැන් තියෙන යහපාලනය.
නීතිය ඉදිරිපිට ජනපති, අගමැති, ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමති හැමෝම එකයි. කිසි කෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්නෙ නෑ. මේවට කලබල නොවිය යුතුයි. මේ රටේ කිසිදු විශේෂ පුද්ගලයෙක් නෑ. යහපාලන රජය හැමෝටම එකලෙස සලකනවා.
දැන් ඒකාබද්ධෙ අය පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකකම ගන්න දඟලනව නමුත් ඒ අය පාර්ලිමේන්තු ආවෙ එක්සත් ජනතා නිදහස් සන්ධානෙ බුලත් කොළය පක්ෂය හරහා. දැන් ඒ අයට විපක්ෂ නායකකම ඕන කියල සම්බන්දන් මහත්තයව පන්නන්න හදනව.
පුළුවන්නම් පන්නන්න ස්වාධීන කන්ඩායමක් වුණානම් විපක්ෂ නායකකම නෙමේ ගෙදර යන්න වෙන්නෙ. ඒ එක පක්ෂයකින් යම් කෙනෙක් අයින් වුණා නම් තනතුරු පමණක් නෙවෙයි ඒ පක්ෂය හරහා ලබාගත්තු සියලු දේ අහිමි වෙනව. ඒක නීතියෙ තියෙනව. ඒ නිසා මේ ඒකාබද්දෙ අය මේ වගේ කෑ ගගහ හිටියට මෝඩ වැඩ කරයි කියා සිතන්නේ නෑ.” යැයි පැවසීය.
චමිල් රූපසිංහ

popular news
-
Champa Sunday, 19 August 2018 07:00 PM
"...රටේ ජනපති ,අගමැති ඇතුළු ඕනෑම පුද්ගලයෙකුව අධිකරණයට ගෙන යා හැකි ලෙස රටේ නීතිය ස්වාධීන කර ඇති බවත්" Seriously???? එතකොට අධිකරණයෙන් එන්න කියලා 4 වෙනි වතාවට කියලත් අර තිස්ස අත්තනායකගේ නඩුවට ජනාධිපතියි අගමැතියි ගියේ නැහැනේ? ඊළඟට බැදුම්කර වංචාවට රනිල්ව උසාවි ගෙනිච්චේ නැහැනේ? රනිල්ව තිය මහේන්ද්රන්වවත් උසාවි ගෙනිච්චේ නැහැනේ පැනල යන්න දුන්න මිසක්. මෛත්‍රී කලේ ජනාධිපති බලතල අයථා විදියට පාවිච්චි කරලා නඩුවක් දාන්න ඕනේ තැනට කොමිසමක් දාල රනිල්ව බේරපු එක. කෝ එතකොට ත්රස්තවාදීන්ට එළිපිට සහයෝගය පල කරන විජයකලා, විග්නේස්වරන්, සිවජිලින්ගම්ට විරුද්ධව රටේ නීතිය කැඩුවට අධිකරණයට ගෙනියන්නේ නැහැනේ? එතකොට අලෝසියස්ගෙන් අල්ලස් ගත්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරු? මහින්දගෙන් ප්‍රශ්න කරපු එක ගැන රට ඇතුලේ ඇත්තටම ලොකු කලබලයක් විරෝධයක් ඇති කල යුතුයි. ඒ මොකොද කිව්වා නම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ විරුද්ධ පාක්ෂිකයන් තෝර තෝර නිසා. ---- ඔබේ මේ කතාව මේ විදියට වෙනස් විය යුතුයි. "නීතිය ඉදිරිපිට ජනපති, අගමැති, ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමතිවරු, ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකයන් හැර හැමෝම එකය. අන් අයට විශේෂයක් නැත."
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

