මහින්ද නිදහස් උළෙලට නෑ
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයෙකු,අගමැතිවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂනායක ධුරයද දරන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත් යොමුකළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා නිදහස් උත්සවයට සහභාගි නොවන බවට ඔහුගේ පාර්ශ්වයසිදුකළ දැනුම්දීම පිළිගන්නා බවත්,රාජපක්ෂ මහතාට ආරාධනා නොකළ බවට පැවසෙන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්කමල් පත්මසිරි මහතා පැවසීය.
කෙසේනමුත් අප මේ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ,මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගිවන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ආරාධනයක් ලැබී තිබෙන බවත්,එම උත්සවයට සහභාගිවනවාද නැද්ද යන්න සම්බන්ධව විපක්ෂනායකවරයා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත්ය.

popular news
-
chathuri Thursday, 31 January 2019 04:26 AM
මහින්ද අවේ. නැහැ. කියල ප්‍රශ්නයක්. නැහැ ඔහුත් රටේ. ජනාදිපති. ලෙස. සේවය. කෙරුව වැටුපක් සමග. සුර සැප. විදිමින්. සිය. පවුලම. , සියලුම. රණ. විරුවන් නොපැමිණිය හොත් හොයල. බලන්න. ඇයි කියල. අපේ. රට බේරා ගත්තේ. රණ විරුවෝ , දැන්. සමහරු. අසරණයි ශරීරයේ අඩු පාඩු. නැතිව. දුක්. විදිමින් ඉන්නවා. නායකයින් ආරක්ෂාව පිට කවදත්. සුර සැප විදිනවා. සටන්. කෙරුවේ. කවුරුත්. ආඩම්බර. කතා කියන්නේ. වෙන. කවුරුත්
Reply : 0 8
Champa Thursday, 31 January 2019 09:58 AM
Chathuri - ඇයි මොකොද මහින්ද ගිහාම වෙන්නේ? බලයේ හිටියත් නැතත්, දේශපාලනයේ හිටියත් නැතත්, ජීවත් වෙලා ඉන්න කම් හැම ජාතික දින උත්සවයකටම මහින්දට ආරාධනා කරලා දැන් හෝ අනාගතේ රටේ නායකයා එක්කම තියෙන ඊළඟ පුටුව මහින්දට විශේෂයෙන්ම වෙන් කරලා තියෙන්න ඕනේ අනාගත පරපුරටත් එක්ක දැන ගන්න. මහින්ද කොටි සංවිධානය පුලිනුපුටා නොදමන්න ජාතික දින උත්සවයක් තියන්නවත් පුලුවන්ද? සහභාගී වෙන නොවෙන එක පුද්ගලික තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිට මෙහා පුටුව අනිවාර්යයෙන්ම මහින්ද වෙනුවෙන් වෙන් කරලා තියන්නම ඕනේ. 2020 එන අනාගත ජනාධිපතිවරයෙකුට මහින්ද වෙනුවෙන් කරන්න බොහෝ යුතුකම් තියෙනවා. 2020න් පස්සේ ලංකාවේ දෙවෙනි ඉතිහාසය ලියවෙන්න ඕනේ සහ ඒකේ ඉහලම තැන මහින්ද ඉන්න ඕනේ.
Reply : 12 0
chathuri Thursday, 31 January 2019 06:10 PM
මහින්දට. පුටුව වෙන්කරන වනම්. 2008 පැරදිලා ගියාට. පසු තිබුන. උත්සවයට. ආරාදන දුන්නෙත් නැහැ අවෙත්. නැහැ ඒ. මේ සේරම ප්රබුලා නයි. මුගටි වගේ. මයිත්රිට. මහින්ද වහ කදුරු වගේ , එකපාරටම මයිත්‍රී. වශිවුණා මහින්දට. මහින්ද ගුරුකම් බලෙන්. ඉන්නේ එකනේ. යකාවගේ මුහුණ , යක්කුන්ගෙන් වැඩ ගන්නකොට එහෙම වෙනවා. ඔබත් මහින්දට පසුගිය. ටිකේ. බැන්නා දැන් මොකද
Reply : 0 0
Champa Friday, 01 February 2019 09:04 PM
Chathuri - මම මහින්දට බනින්නේ ප්‍රතිපත්තිමය කරුණු අනුව. උදාහරණයක් විදිහට මම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට විරුද්ධයි. දරුණු ත්රස්තවාදීන් නිදහස් කරනවාටත් විරුද්ධයි. එක ජාතියක් ඉලක්ක කරගෙන එක ප්‍රදේශයක් ඉලක්ක කරගෙන බලය බෙදනවටත් විරුද්ධයි. අලුත් ව්‍යවස්ථාවක් කවුරු ගෙනාවත් විරුද්ධයි එහෙම එකක් අනවශ්‍ය බෙදීමක් සහ අනවශ්‍ය ප්‍රශ්නයක් රටේ ඇති කරන හින්ද. ඒ හින්දා මහින්ද එහෙම කියන හැම වෙලාවෙම මම බනිනවා. ඒ මොකොද මහින්ද පැරදුන දවසේ ඉඳල මහින්ද එක්ක හිටියේ චන්දයක් ලං වෙනකොට ඕවා අහන්න නෙමෙයි. රට ජාතිය ආගම වෙනුවෙන් මම දරන මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ හැමෝටම මම එරෙහි වෙනවා. හැබැයි හිටපු ජනාධිපතිතුමාට මම හුඟක් ආදරෙයි. ඒ හින්ද මම ඉහත කියපු කරුණු නැතුව කවුරු හරි වෙන මොනව හරි මහින්දට විරුද්ධව කිව්වොත් මම කට වහන් ඉන්නේ නැහැ. වහ කදුරු වගේ හිටපු මෛත්‍රීට මහින්ද හොඳ වුනේ එයා ගෙදෙර යන්න ළඟ හින්ද මිසක් ගුරුකම් බලෙන් කියලා මම හිතන්නේ නැහැ. මහින්දගේ මූණ යකා වගේ නම් මගේ මූණ යක්කු දෙකක් එකට වගේ. මම යක්කුන්ගෙන් වැඩ ගන්නවා නම් ගන්නේ කුඹුරු කොටලා අටු කොටු ටික පුරෝ ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

