මහින්ද නැවතත් දේශපාලනයට ගෙනාවේ මෛත්රීයි - හිරුණිකා
පසුගිය මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අපේක්ෂක කම දෙමින් ඔහුව නැවතත් දේශපාලයට ගෙනාවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
"මහින්ද රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මහින්ද රාජපක්ෂ මහතාට අගෝස්තු මැතිවරණයේ ටිකට් එක දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල ජනපතිතුමාගේ පුරුද්දක් තිබෙනවා තමන්ට අඩි දෙකක් යෑමට උදව් කළ අය අඩි දෙක ඉදිරියට ගිහින් අතහරිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා තේරුම් ගන්න ඕන හැම ගහකටම කෙටුවට පස්සේ කෙසෙල් ගහට කෙටුවට පස්සේ හෙට පැටලෙනවා. අද මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. අද දුමින්ද දිසානායක මහතා ඇතුළු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අසරණ වුණා.
පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂයේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කළ පක්ෂයක්. මේ වෙලාවේ වාමාංශික උදවියගේ ජන බලය තිබේන්නේ පොදුජන පෙරමුණට. මෛත්‍රීපාල ජනපතිතුමා ඉතිහාසයට යනවා පක්ෂයක් සුණු විසුණු කළ කෙනෙක් ලෙසට.
අපි එක්සත් ජාතික පෙරමුණක් ලෙස ඡන්දයට මුහුණ දෙනවා. මේ පෙරමුණට නායකයෝ නෑ. අපි දුමින්ද දිසානායක මහතාට ආරාධනා කරනවා. මහින්ද අමරවිර මහතාට පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගන්න පුළුවන්ද දන්නේ නෑ. "
popular news
-
Deepal Nirosh Monday, 12 November 2018 09:02 AM
කරුණාකරල ඔබතුමිය තමන්ට සුදුසු ස්ථානය වන එක්සත් ජාතික පෙරමුණට එකතු වෙන්න. එතකොට ඔය ප්රශ්නය ඉවරයි. ශ්‍රීලනිප හා ශ්‍රීලපොපෙ ගැන ඒ නායකයින් වග බලා ගනීවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

