මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ - සුජිව
'දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් එක එක්කෙනාට ඕන විදියට අපි මැතිවරණ තියන්න සුදානම් නෑ. අපි අපිට ඕන එකයි කරන්නේ. මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ. එයාට ඕනේ නම් යන්න පුළුවන් 'යැයි විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසිය.
ජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
'අපි මැතිවරණයකට බය නෑ, මැතිවරණයක් ඕන නම් ජනාධිපති වරණයකට එන්න. පාර්ලිමේන්තුවේ යම් ක්‍රමයක් නීතියක් තියෙනවා.පරණ ක්‍රමය තිබ්බා නම් දැන් පළාත් සභා මැතිවරණයක් තියන්න තිබ්බා. පළාත් සභා පවත්වන දැන් ක්‍රමවේදයක් නෑ. තිබ්බ ක්‍රම අහෝසි වෙලා. ඔනේ නම් මහින්ද දේශප්‍රිය මහත්මයාට පුළුවන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ අණපනත් ගෙනල්ලා හරියට නීතියක් ලබලා දෙන්න.
ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නම් හොඳ තත්වයක ඉන්නවා. අපිට අවුරුදු 25ක පමණ කාලයක් පැරදිලා විශාල පරිහාණියකට ලක්වෙලා ඉදලා දැන් අපිට හොඳ දක්ෂ දේශපාලනඥයෝ පිරිසක් ඉන්නවා.අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් ඉදිරි වසර දහය තුළ ඇති වෙයි කියලා. අපිට මැලේසියාව, සිංගප්පූරුව පහු කරලා යන්න පුළුවන්කම තිබෙනවා.
ජාතික ආණ්ඩුවක් ගැන අපි කතා කරනවා, කකුල් මාට්ටු දාන්නේ නැති සංවර්ධන ව්‍යාපෘති වලට සහය දක්වන ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා අපගේ විවෘත ආරාධනයක් තියනවා යනුවෙන් ඔහු පැවසිය.

popular news
-
W Dhanapala Wednesday, 30 January 2019 05:32 AM
එදා 2015 ජනාධිපතිවරණ වේදිකාවේදී පුනපුනා කිව්වා අද මෙරටේ එක ඇන මුරිච්චියක්වත් හදන්නේ නේ, ඒ නිසා අපි බලයට අවහම දේශීය කර්මාන්ත නෙවත අරම්බකරනවා, කාර් නිපදවනවා, රක්ෂා 10,00,000 දෙන්න wadapiliwelak අපට තියනවා, නොයෙකුත් වක්‍ර බදු ayinkaranawa ආදීවශයෙන් කතා ගොඩක් කිවා. අද ඒවා කොපමණ දුරට එටුකරලා එවරද මහත්තයෝ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

