මහින්ද කෝටි 100ක් දෙන්න හැදුවා - විජයකලා
පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (03දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය.
එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් ඇය පැවැසුවාය.
එහිදී ඇතිවූ දුරකතන සංවාදය
ඔයා මේ මොකක්ද කියලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. ඕන කියලා?
කවුද කිව්වේ
ඇයි ඔයා කියලා තියෙන්නේ මේ හැම පත්තරේකම ගිහින් තියෙන්නේ?
අයියෝ කවුද ඔය ඒක බොරු අප්පා. මම කිව්වේ ඒ කාලේ මේ වගේ ප්‍රශ්ණ මොකුත් ආවේ නෑ (කියලා)
පාසල් දැරිය දූෂණය කළේ නෑදෑයින් නේද?
නෑ මාමා අයියා සම්බන්ධ නෑ. ඔක්කොම මත්ද්‍රව්‍ය භාවිත කරපු කට්ටිය (කළේ). දකුණේ නෑදෑ ප්‍රශ්ණ ආවට උතුරේ එහෙම ප්‍රශ්න එන්නේ නෑ.
ඉඩම් ටික දුන්නට ස්තූති කළාට ජනපති වැඩියෙන්ම ඇවිදින් තියෙන්නේ යාපනයට?
එයා ආවේ පක්ෂය හදන්නනේ. ඔලුව උඩ තියාගෙන අපි එයාව දිනෙව්වා. මහින්ද රාජපක්ෂ කිව්වා මිලියනයක ඡන්දයකින් දිනනවා කියලා. කෝටි 100ක් දෙන්නම් කිව්වා. කැබිනට් ඇමතිකමක් දෙන්නම් කිව්වා. ඒ කිව්වට අපි උදව් කළේ නෑ.
ඔබේ සැමියා ඝාතනය කළෙත් එල්.ටී.ටී.ඊ. ය නේද?
නෑ, පිස්සුද? චන්ද්‍රිකා මහින්ද කරපු දේවල් නිසා අද අපිටයි ප්‍රශ්ණ.
ඔයාගේ විසඳුම වැරදියි?
ආයේ එල්.ටී.ටී.ඊ. ගේන්න කිව්වේ නෑ. ඒ කාලයේ සාමයෙන් හිටියා. කතාකරන කොට ටෙන්ෂන්නේ කතාකරන කොට වැරදි වෙනවා. කවුරුත් එන්නේ නෑ.
ආයේ එල්.ටී.ටී.ඊ. එනවා කියන්න එපා හොඳ නෑ?
නෑ නෑ රන්ජන් ඔයා ගණන් ගන්න එපා දකුණේ රනිල්ව පරාජය කරන්න මීඩියා මේක කරන්නේ. පාරේ ඉන්න මාධ්‍යයට අපි කියන්න යන්න ඕන නෑනේ.
ඔයා ඉඩම් ටික දුන්නා කියලා තියෙනවා?
වෙන මොනවද කළේ. ඔයාගේ අය මෙහෙ ඇවිත් වැඩ කරනවද කියලා හොයලා බලනවා. ඔයාගේ නම තියෙයිද කියලා හොයනවා. අපේ අය උපාධි ඉවරකරලා පාරේ වැඩ කරනවා.
ඩ්‍රග්ස් අරන් තමයි රේප් කරන්නේ?
වෙන ප්‍රශ්ණ නෑ.
ඔයා පොලිස්පතිට කතා කළේ නැත්ද?
විද්‍යාගේ කේස් එකට කතා කළා මොනවද කළේ?
මේ වගේ ප්‍රකාශ කරන්න එපා ඒක රජයට හොඳ නෑනේ
නෑ රන්ජන් මම ගේන්න ඕන කිව්වේ නෑ.

-
LIYANGE Tuesday, 03 July 2018 03:21 PM
මේ අයට දෙවියන්ගේ හාල් කැවිලා.
Reply : 0 0
Champa Tuesday, 03 July 2018 04:43 PM
මේ තමයි New York Times No. 2 කතාව. ප්‍රභාකරන්ව ගෙන්න ඕනේ කියපු ගෑනි මහින්ද ගැන කතා කරන්නේ මොකොටද? මම ඊයේ කොහේ හරි මෙතනම ලිව්වා මහින්දව scene එකෙන් අයින් කරලා ඇමරිකන් ගැත්තව ඉස්සරහට ගන්න පාර හදනව කියලා. මහින්ද දැම්ම හිටන් "ආප්ප විප්ලවය 2" ට ලැස්ති වෙන්න කියලත් කිව්වා.
Reply : 6 24
Ruvani from Canada Thursday, 05 July 2018 09:18 PM
රන්ජන් ආපුදා ඉඳලම පක්ෂේ බේරගන්න දඟලනවා මිසක් වැඩක් කලේ නැහැ. පක්ෂය හදාගෙන 2050 විතර එන්න. එතකොට ජනතාව සලකා බලාවි. දැන් ගෝඨාට හා මහින්දට රට දීල එයාල කරන හැටි බලලා ඉගෙනගෙන 2050 දී විතර ට්‍රයි එකක් දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

