මහින්ද - සම්බන්ධන් සහාය දුන්නොත් හෙට හවස ආණ්ඩුව පරාදයි
අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහාය දක්වන්නේ නම් වත්මන් ආණ්ඩුව හෙට සවස වන විට පරාජය කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව අද පැවැසීය.
" ආණ්ඩුවට තිබෙන්නේ මන්ත්‍රීධුර 106යි. විපක්ෂයට ආසන 118යි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ සියලුම මන්ත්‍රීවරුන් හෙට පාර්ලිමේන්තුවට කැඳවන්නේ නම්, ද්‍රවිඩ ජාතික සන්ධානය මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන්නේ නම් හෙට හවසට ආණ්ඩුව පරාජය කළ හැකියි.
දේශපාලන ගේම් හෝ යටි අරමුණ නැත්නම් මේ විශ්වාසභංග යෝජනාව අපිට ජය ගන්න පුළුවන්. කොළඹට ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගත්තාම අගමැතිට කොළඹින් පිටවෙන්න කියලා ආරක්ෂක අංශ කිව්වාම අගමැති කොළඹින් පිට ගියා.
තමන්ගේ නගරය ආරක්ෂා කර ගන්න බැරි අගමැතිවරයා කොහොමද ජනතාව ආරක්ෂා කරන්නේ. ජවිපෙ අපිට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආරක්ෂාව නෑ.
අපි ජනතාව ළඟට යන්න භය නෑ. දොර අරින්න, දොර වහන්න, බෑග් එක අරගෙන යන්න අපිට ආරක්ෂක අංශ සාමාජිකයන් අවශ්‍ය නෑ."

popular news
-
Champa Wednesday, 10 July 2019 02:49 PM
අනේ නිකම් බොරු නැතුව ඉන්නවද? 2015 ජනතාව මුලා කරලා යමපාලනය ගෙනාපු මිනිහ දැන් චන්දෙ ලංවෙන්කොට එනව ගැලවුම්කාරය වෙන්න. මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ. වහල් ආණ්ඩුව මේ රටට කරපු විනාශයට ජේවීපී එක සම්පූර්නයෙන්ම වග කියන්න ඕනේ. හිතන්න එපා දැන් සිල් රෙද්ද පොරව ගන්න ආවට මිනිස්සු සමාව දෙයි කියලා. අනිත් එක ආණ්ඩුව පරාද කලාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද අවුරුද 4 1/2 ක් යනතුරු? රනිල්ගේ වහල් ආණ්ඩුව ආරක්ෂා කරන්න ඔක්කොම දේවල් කරලා දැන් එනවා තවත් ජනතාව මුලා කරන්න ආණ්ඩුව පරාදයි කියල. ඒකාබද්ධ විපක්ෂේත් දැන් ඔක්කොම ජාතිද්රෝහීයෝ දේශද්‍රෝහියෝ තමන්ගේ කඳවුරට අරගෙන. රට විනාශ කරන්න පාර කපපු එවුන් එක්ක රටට කිසිම අලුත් ගමනක් නැහැ. ලංකාවට අලුත් නායකයෙක් වගේම සිංහල බෞද්ධයන්ට අලුත් පක්ෂේකුත් අවශ්‍යයි.
Reply : 2 14
Rohana Kaldera Wednesday, 10 July 2019 03:48 PM
මොකටද විශ්වාසභංග ගේන්නේ තමන්ට බලයක් නැතිව, කලේ කන වැඩ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

