මහා බ්‍රහ්මයා වගේ ඔක්කොම එයා කළා කියනවා - පාඨලී
මහා බ්‍රහ්මයා මෙන් ශ්‍රී ලංකාවේ සෑම දෙයක්ම කළේ රාජපක්ෂවරුන් යැයි සඳහන් කරන බවත් මහින්ද රජපක්ෂ මහතාට ක්‍රියාත්මක කර අවසන් කල හැකිවූයේ ව්‍යාපෘති 4ක් බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමෙන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාගේ අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා හා අමාත්‍යවරයා අතර සංවාදයක්ද ඇතිවිය.
“වෝටර්ස් එජ් ආයතනය අපි දෙගුණයක් ලාභ කර තිබෙනවා. සෑම දෙයක්ම කරන්නේ ප්‍රසම්පාදන අනුවයි. රට එක පවුලකට සීමා වෙලා නෑ. සෑම කෙනාටම අයිතියි. මහා බ්‍රහ්මයා වගේ ඔක්කොම එයා කළේ කියනවා.
මම මේක කියන්න නෙමෙයි හිටියේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ආරම්භ කර අවසන් කළේ ව්‍යාපෘති 7ක් පමණයි. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය හා සූරියවැව සම්න්ත්‍රණ ශාලාව ඒ ව්‍යාපෘති හතරයි.
කටුනායක අධිවේගය ආරම්භ කළේ 1968දී, දකුණු අධිවේගය ආරම්භ කළේ 1991දී, බෙලිත්ත දුම්රිය මාර්ගය ආරම්භ කළේ 1971දී, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුදු පහටම වියදම් කළේ බිලියන 28යි. අපි බිලියන 64ක වැඩ කර තිබෙනවා. ”

popular news
-
Champa Thursday, 28 March 2019 06:58 PM
අනේ මිනිහෝ, හැයි අමතක වුනාද හිටපු ජනාධිපතිතුමා යුද්ධේ ඉවර කරපු බව. ත්රස්තවාදීන්ට එරෙහිව යුද්ධෙ පටන් ගත්තෙත් එහෙනම් මහින්ද රාජපක්ෂ නෙමෙයිනේ. හැබැයි එවර කලානේ, නැත්ද? ඒ කතාව කියන්නේ නැහැ. වහල් ආණ්ඩුව බිලියන් 64ක වැඩ කලාලු. හැබැයි 1 ට්‍රිලියන් ණය අරගෙන. අනිත් බිලියන් 936ට වෙච්ච දෙයක් නැහැ. ණය ගත්ත විතරද? මාගම්පුර වරාය විකුණුව. වටිනා ඉඩම් විකුනවා සහ දැන් ඇමරිකාවට ඉඩම් ලක්ෂ 12ක් විකුනන්න යනවා. අපිට විරුද්ධව ජිනීවා සමුළුවට යෝජනාවක් ගෙනාපු මහා බ්‍රිතාන්‍යයට දැන් මන්නාරම් තෙල් නිධි ටික දෙන්න යනව. තව රටේ අනිත් ඔක්කොම ගුවන් තොටුපොළවල් මත්තල, පලාලි සහ ප්‍රාදේශීය ගුවන් තොටුපොළවල්, තව කොළොඹ වරායේ නැගෙනහිර පර්යන්තය, KKS තව ප්‍රාදේශීය වරායවල් ඔක්කොම විකුනන්න යනව. හකීම් කොටි සල්ලි වලින් උතුරේ බිල්ඩිමක් හදන්න යනවා. Lyca එකේ සුභාෂ්කරන් කියන්නේ ලන්ඩන් තැපැල් කන්තෝරුවල පවා කොටි සල්ලි තැන්පත් කරපු අමු කොටියෙක්. හකීම්ට පගාවක් දෙන්න ඇති. ජනාධිපතිට පහේ ශිෂ්‍යත්ව විභාගේ allergic වුනාට සුභාෂ්කරන් කොටිය allergic නැහැ. ඒකනේ ඔක්කොටම ඉඩ දීල ඉන්නේ. හිතන්න එපා ඕව සදහටම තියෙයි කියල. ඔක්කොම ජනසතු වෙන්න පුළුවන්.
Reply : 10 1
rocky Friday, 29 March 2019 07:23 AM
ඒ ගොල්ලෝ කොරපු දේවල් තව හුඟක් තියනවා ලු. සමහක් .. ප්‍රසිද්ධියේ කතා කොරන්නත් බැරි දේවල් ලු! කාලෙකට ඉස්සර ගැනු ළමයින්ට ගුරු පත්වීම් ලබා දුන්නා කියන සංවර්දන ව්‍යාපෘතිය ගැන එහෙම ...!
Reply : 1 4
Deepal Nirosh Friday, 29 March 2019 03:48 PM
ඕව එක්කොම හරි කියමුකො, දැන් රටට අත්‍යාවශ්‍ය වී ඇති විදුලි බලාගාරයක් පසුගිය අවුරුදු හතරට හදා ගන්න පුළුවන් වුණා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

