මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට ඔපෙක් අරමුදලින් ඩොලර් මිලියන 60ක්
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ (MWSIP) දෙවන අදියර ක්රියාත්මක කිරීම සඳහා ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලෙන් (OFID) ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් ලබා ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
, අදාළ ණය පහසුකම ලබා ගැනීම සඳහා ඔපෙක් අරමුදල සමඟ ගිවිසුමකට එළඹීමට මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ
වියළි කලාපීය ප්රදේශවල ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ දරිද්රතාව අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහනේ දෙවන අදියර ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම අදියර සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 536.5කි. ඒ සඳහා බහු සංවර්ධන හවුල්කරුවන්ගේ සම-මූල්යකරණය යටතේ අරමුදල් සපයා ගැනීමට යෝජනා වී ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුව විසින් දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
යෝජිත සම-මූල්යකරණ වැඩපිළිවෙළ යටතේ ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 60ක මුදලක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට 2026 ජූලි 20 වැනිදා පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව ඩොලර් මිලියන 48ක සහ ඩොලර් මිලියන 12ක ණය සංරචක දෙකකින් සමන්විත ණය පහසුකමක් ලබාදීමට ඔපෙක් අරමුදල එකඟ වී තිබේ.
මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ කිලෝමීටර් 7ක් පමණ දිග ප්රධාන උමඟේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම, කිලෝමීටර් 68ක් පමණ දිග ඇළ මාර්ග හා ජල මාර්ග ඉදිකිරීම සහ ඇල්ලපොකුණ වාරිමාර්ග ව්යාපෘති ඇළ මාර්ගයේ කිලෝමීටර් 8ක පමණ කොටසක් ඉදිකිරීම ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිතය.
එමෙන්ම, වාරි ජලය කාර්යක්ෂමව සැපයීම සඳහා පීඩන බෙදාහැරීමේ ජාල සංවර්ධනය කිරීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික අගය දාම හඳුන්වාදීම සහ ගොවීන්ට මූල්ය හා කෘෂිකාර්මික සේවා වෙත ප්රවේශය පුළුල් කිරීම ද මෙම අදියරට ඇතුළත් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

