මහමැතිවරණයේදි නව රජයට තුනෙන් දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි - මෛත්‍රීපාල
ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.
එහිදි පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්රීයා කල යුතු බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදි පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කළේය.

popular news
-
Dayan Thursday, 12 December 2019 07:58 AM
යන එන මන් නැතිවෙලා වගෙඉ පෙනෙන්නේ.
Reply : 0 0
dhammika senadeera Thursday, 12 December 2019 09:32 AM
අප්පේ ඔව් කොහොම හරි තුනෙන් දෙක දීලා මරු බඩුව මෙයත් ආයේම ගෙවා ගන්න .ඔහොම යන කොට මල්ලි ගේ හාල් මාපියාවටයි,දුවගේ හෝටල් මාපියාවටයි,තව මල්ලියෙකු ගේ වැලි පස් මාපියාවටයි හොද කලක් යාවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

