මහමැතිවරණයක් ඉල්ලා උතුරේ පොහොට්ටු පාරට බසියි
වහාම මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් විසින් ඊයේ විරෝධතා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
යාපනය පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් විසින් යාපනය කස්තුරි මංසන්ධියේ සිට විරෝධතා පාගමනකින් යාපනය බස් නැවතුම්පල දක්වා ගමන් කොට යාපනය බස් නැවතුම්පලේදී විරෝධතාවය පැවැත්වූහ.
මේ අතර වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙඩුන්කේනි ප්‍රදේශයේදීද පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් විසින් විරෝධතාවක් සහ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් ඇතුලු වව්නියාව පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූශ.
විරෝධතාවන්ට එක් වූවන් කියා සිටියේ රටේ ඇතිව තිබෙන අස්ථාවරභාවයට වගකිව යුත්තා එක්සත් ජාතික පක්ෂය බවටත් එය ස්ථාවර කිරීමට නම් ජනමත විචාරනයක් වහාම පැවැත්විය යුතු බවටත් එසේ නොවන්නට රට දරුණු අගාධයකට ගමන් කරන බැවින් අධිකරණයෙන් හෝ යුක්තියක් ඉටු වී වහාම මහමැතිවරණයක් පැවත්වීමට පියවර ගත යුතු බවටය.




popular news
-
rocky Sunday, 02 December 2018 02:20 PM
රටේ ජීවත් වෙන්නේ පොහොට්ටුවෝ විතරක් නොවෙයි. ඔච්චර තදියමක් මේ හදිසිය මොකද? ආයෙත් හොරු රළට රට භාර දෙන්නද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
