මහපොළ ඔක්තෝබර් දීමනාව අද සිසුන්ගේ ගිණුම්වලට
2024/25 අධ්‍යයන වර්ෂය සඳහා වන මහපොළ ශිෂ්‍යත්ව දීමනාව සුදුසුකම් ලත් සියලුම සිසුන්ට ඔක්තෝබර් මාසයට අදාළ ගෙවීම් අද (19) සිදු කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල නිවේදනය කරයි.
එමෙන්ම මෙම අධ්‍යන වර්ෂයට අදාළ හිඟවාරික මුදල දෙසැම්බර් මාසයේදී ගෙවීමට කටයුතු කරනු ඇතැයි සදහන් කෙරේ.
විශ්ව විද්‍යාල සිසුන් සහා බාධාවකින් තොරව මූල්‍ය ආධාර සැපයීම සහතික කිරීමේ සිය කැපවීමේ කොටසක් ලෙස මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල සිය ශිෂ්‍යත්ව ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වැඩපිළිවෙළහි අරමුණ වන්නේ මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට ඔවුන්ගේ මූල්‍ය ආධාර නිතිපතා සහ නියමිත වේලාවට ලැබෙන බව සහතික කිරීමවන අතර, එමඟින් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඔවුන්ගේ අධ්‍යාපනික වියදම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන්ට හැකියාව ලබා දීමයි.
උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මූල්‍ය ආධාර ශක්තිමත් කිරීමේ රාජයේ ප්‍රතිපත්තිමය කැපවීමට සමගාමීව, පසුගිය වසර දෙක තුළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව මසකට රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා සියයට සියයකින් වැඩි කරන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
