මේ වන විට ක්‍රියාත්මක වන්නේ අතුරු සම්මත ගිණුමක් හෙයින් මහපොළ වැඩි කිරීමේ අවස්ථාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද (15දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ වන විට හිඟව ඇති මහපොළ ගෙවීම් සියල්ම ගෙවා දැමීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14දා) සියලු ප්‍රතිපාදන ලබාදුන් බවත් ඔහු පැවැසීය.
මහපොළ වැඩිකිරීම ඉදිරි අයවැයක් හරහා සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට නුසුදුසු අයට මහපොළ ලැබී සුදුසු අයට නොලැබී ඇති බවත් එම ගැටලු අවම කිරිම සඳහා කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරියේදී මහපොළ අරමුදල රුපියල් බිලියන 20ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
මේ අතර මහපොළ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු කටයුතු කරන බවත් එයින් ඔහු ඉවත් කිරිමට අදාළවන පරිදි මහපොළ පනත සංශෝධනය කරන බවත් ඔහුඑ ප්‍රකාශ කළේය.
යම්හෙයකින් මහපොළ සම්බන්ධයෙන් නඩුවක් ගොනු වූ අවස්ථාවක අගවිනිසුරුවරයා භාරකාර මණ්ඩලයේ සභාපතිලෙස කටයුතු කිරීම බැඳියාවන් අතර ඝට්ටනයක් ඇතිවන කරුණක් බව පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් එහි සභාපති ලෙස පත්කිරීමට හැකිවන අයුරින් පනත සංශෝධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
