මහනුවර වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කරයි
මහනුවර ගංවතුර පාලනය සඳහා රජුන් දවස තැනූ භූගත වැසිජල උමග ප්‍රතිසංස්කරණයට ඇමති චම්පික රණවක මහතාගේ උපදෙසින් යුතුව පියවර ගෙන තිබේ.
මේ සඳහා රුපියල් ලක්ෂ දහ දහස් එකසිය හැටක් වැය වන අතර උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි.
2020 වසරේ අප්‍රේල් වන විට මෙහි සියලු කටයුතු අවසන් වීමට නියමිතය.
මහනුවර ගංවතුර පාලනය සඳහා මෙම උමග ප්රතිසංස්කරණයෙන් මනා රුකුලක් වේ. වසර 200කටත් වඩා ඉපැරණි මෙම උමග දැඩි ලෙස අබලන්ව පැවැතිණි.
ප්‍රතිසංස්කරණය කරන උමග නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට මහනගර ඇමති චම්පික රණවක මහතා පසුගියදා එක් වූ අතර එහි වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය ද නිරීක්ෂණය කරන ලදි.
කෂිනි හපුආරච්චි

popular news
-
Kumar Monday, 15 July 2019 10:04 PM
මෙම ප්‍රවුර්තිය දකින්නට පෙර මේ වැනි උමගක් ගැන මම දැනසිටියේ නැත. මට පෙනෙන හැටියට නම් ලන්ඩන් නුවර ඇති කලි කසල ප්‍රවාහනයට තැණු උමන් හා සමානය. ජලය ප්‍රවාහනය කිරීම කෙසේවෙතත් කලි කසල ප්‍රවාහනයට නම් සුදුසු බවනම් පෙනෙනවා. ඊට හේතුව උමගේ හැඩයයි. උමගේ ගලයන වේගය සෑම විටම ඒකාකාරව තබන්න ජලය අඩුවෙනකොට පටුවෙන්නත් ජලකඳ වැඩිවෙනකොට පළල වෙන්න උමගෙ හැඩය වෙනස්.වේ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

