මහනුවර භූගත ද්විත්ව දුම්රිය උමං මාර්ගයක් සැදිමට පියවර
මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භූගත ද්විත්ව දුම්රිය උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.
ඉදි කිරීමට අපේක්ෂිත මෙම ද්විත්ව භූගත දුම්රිය උමං මාර්ගය සඳහා ආසියානු සංවර්ධන ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවද මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (15) මේ බව සඳහන් කළේය.
භූගත දුම්රිය මාර්ගයක් ඉදි කිරීමෙන් හැර පවතින වාහන තදබදය වෙනස් කිරීම වෙනත් ක්‍රමයකින් නොහැකි බවත් පේරාදෙණියේ සිට මහනුවරට රෝහල් පහක්ද පාසල් අටක් ද ස්ථාපිතව තිබෙන බැවින් එම කිලෝමීටර් කිහිපය තුළ විශාල වාහන තදබදයක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
භූගත උමං මාර්ගයට අමතරව මහනුවර කොළඹ අධිවේගී මාර්ගය දෙපසින් ශිඝ්රගාමී අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

popular news
-
Kumar Friday, 21 February 2020 09:05 AM
මෙවා කවද කෙරෙන වැඩද. ඒ දවස්වල ලංකාවේ කියනවා වගේ මෙවගෙ කතා විශ්වාස කරන්නේ කොන්ඩෙ බැදපු චීන්නු. ආර්ථිකය මෙතරම් දුර්වල නම් මෙවා කරන්නෙ කොහොමද.
Reply : 0 2
janahitha lokka UAE Wednesday, 26 February 2020 09:07 AM
සිල්පර කොටන් දිරල අවදානම් මැදිරි අබලන් මාර්ගය පිලි අලුතින් දමල ඇන මුරිච්චි ටික තද කරලා හදල තීන්ත ටිකක්වත් ගාල පිළිවෙලකට දුම්රිය දීවාම ඇති ගෙනාපු එන්ජින් ටික දුවන්න බැහැ පාර අබලන් නිසා සේවකයෝ මතට ඇබ්බැහි වෙලා උන් වැඩ කරන්නේ නැහැ බොනවා පැය විසිහතරේම ඇල්ලුවොත් වැඩ වර්ජන ඔහේ මේ උමන් දුම්රියේ යන්න හදනවා පොලොව උඩ යන්න බැරිව ඉද්දි අම්මප
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

