මුහුදු රළ ඉහළ යෑම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2.5-3.0ක් පමණ (මෙය ගොඩබිමට එන එළ උසනොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ධීවර හා නාවුක ප්‍රජාව හා වෙරළ ආසන්නව වාසය කරන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.හෙට (21දා) දහවල් 12.30 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.