මහත්මා ගාන්ධිතුමා ජනපති ලේකම් කාර්යාලයට
මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (02දා) පෙරවරුවේ සිදු විය.
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිඛෙන අතර, ඒ නිමිත්තෙන් මෙම ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

popular news
-
Champa Tuesday, 02 October 2018 07:48 PM
මල කෝලම්. අවුරුදු 33ක් තිබ්බ, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය කියලා ඇමරිකන් කාරයාම කියපු LTTE ත්රස්තවාදීන් පරාජය කරලා මුළු ලංකාවටම විතරක් නෙමෙයි ඉන්දියාවටත් නිදහසේ හුස්ම ගන්න ඉඩ හදල දුන්නු සිංහල ජාතියේ පියා එහෙම නැත්නම් සාමයේ පියා කියල කට පුරා කියන්න පුළුවන් මහින්ද රජාපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පින්තූරෙට තැනක් නැහැ. මහින්ද කළා වගේ දෙයක් මහත්ම ගාන්ධි කරලා නැහැ. හැබැයි ඉන්දියන්කාරයගේ පියාට හරි සැලකිලි. දකුණු අප්රිකන්කාරයින්ගේ පියාට හරි සැලකිලි. අපේ නායකයට නඩු. නින්ද අපහාස. හෑල්ලු කිරීම්. කුමන්ත්‍රණ. එක්සත් ජාතීන්ගේ සංවිධානෙට ගිහින්, ත්රස්තවාදයට බියෙන් තැති ගනිල අවුරුදු 33ක් ජීවත් වෙච්ච ලංකාවේ මිනිස්සුන්ගේ බය නැති කරපු, ලක්ෂ 21ක් ජනතාවගේ හුස්ම ටික රැකලා දුන්නු, ලංකාවට විතරක් නෙමෙයි මුළු කලාපයටම සාමය ගෙනත් දීපු විතරක් නෙමෙයි රටේ නායකයන්ටත් නිදහසේ උතුරට යන්න මඟ හදල දීපු මහින්ද රාජපක්ෂ ගැන කතා කරන්න බල්ලෙක් වත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

