මහ මැතිවරණය අප්‍රේල් අග
පාර්ලිමේන්තුව මාර්තු 3 දා විසුරුවා හරින බවත් ඉන් අනතුරුව අප්‍රේල් මස අවසානය වන විට මහ මැතිවරණය පවත්වන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අප්‍රේල් අග වෙන විට මහ මැතිවරණය එනවා. දැන් ඔක්කොම හරි කියලා ඉන්න බැහැ. ඊටත් වඩා වැඩි වගකීමක් දැන් තියෙනවා.අමාරුවෙන් ආරක්ෂා කර ගත්ත රජය රැක ගන්න ඕන. අන්තවාදි කුඩා පක්ෂවල ග්‍රහණයට අපි හසු වෙන්නේ නැතිව අපි ආණ්ඩු කරන තනි දේශපාලන පක්ෂයක් වෙන්න ඕන.
මේ අතරම ඔබේ ආර්ථිකය ශක්තිමත් වෙන්නත් ඕන. ඉදිරියේදී අපි අල පිට රටින් ගෙන්වන එක නතර කළ යුතුයි.ඒ විතරක් නෙවෙයි මෙරට තුළ නිෂ්පාදනය කරන සියලු දේවල් පිට රටින් ගෙන්වන එක නතර කළ යුතුයි.
ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා.දැනටමත් වසමකට ලක්ෂ 20 බැගින් ලැබිලා තියෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට ඉහළ තත්වයට ගේන්න කටයුතු කරමින් ඉන්නවා.ජාත්‍යන්තරයේ සහාය ඉතා හොදින් ලැබෙනවා.නමුත් අපි ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති වෙන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයට යට වුණා.”
popular news
-
samson de silva Sunday, 22 December 2019 10:28 AM
"ඔබ නිදන්න, ඔබ නිදන්න සුවෙන් සැතපිලා"
Reply : 0 0
Loku malli Sunday, 22 December 2019 03:01 PM
සැප වින්ද ඇති දැන්වත් පලයන් ගෙදර ගහපු කොමිස් හොඳටම ඇති . උඹල කරපු පව් වලට මේ අත්මෙදීම පව් ගෙවල පලයල්ලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

