ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 5.50 සහ සියයට 6.50 දක්වා පදනම් අංක 50කින් 2020 මැයි මස 06 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මහ බැංකුවේදී පසුගියදා පැවති මුදල් මණ්ඩලයේ විශේෂ රැස්වීමේදී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
උද්ධමන පීඩන හේතුවෙන් පවතින ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ ඇති අවශ්‍යතාව සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එලැඹුණු බව මහ බැංකුව කියයි. මෙම තීරණයත් සමග මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව, 2020 වසරේ මේ දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.