බොහෝ ඇමරිකානුවන් මාස්ක් (මුඛ ආවරණ) පැලඳුවහොත් 2021 මාර්තු මාසය වනවිට එක්සත් ජනපද ජීවිත 130,000කට වැඩි ප්‍රමාණයක් බේරා ගත හැකි බව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසයි.
"බොහෝ ඇමෙරිකානුවන් එකට එකතු වී නිවැරදි දේ කිරීමටත්, මුඛ ආවරණයක් පැලඳීම යන මෙම සරල, පරාර්ථකාමී ක්‍රියාව අනුගමනය කළහොත්, ඉදිරි මාස කිහිපය තුළ පමණක් ජීවිත 130,000කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවේවි" කොලින්ස් පැවසීය.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් කොවිඩ්-19 වෛරස ආකෘතිය උපුටා දක්වමින් කොලින්ස් පැවසුවේ ඇමෙරිකානුවන්ගෙන් අඩක් පමණ ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැලඳ සිටියත්, සෙසු පිරිස එසේ නොකන බවයි. මේ ගමන් මගේ ඉදිරියට ගියොත් පෙබරවාරි අගවන විට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ මිලියනය ඉක්මවා යා හැකි බව එම කණ්ඩායම පුරෝකථනය කරයි.
ජනතාව මුඛ ආවරණ භාවිතය වැඩිවීම ආර්ථිකයට තවත් අගුලු දැමීමේ අවශ්‍යතා වළක්වාලීමට ඉවහල් වන බව ඔහු සඳහන් කළේය. "ඔබේ ආසන පටි පැළඳීම ගැන ඔබ සිතන ආකාරයටම ඒ ගැන සිතන්න, පොඩි අපහසුතාවක් වුවත්, ඉන් ජීවිත බේරාගැනීමට පුළුවන්." යැයි කොලින්ස් කීවේය.