මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට
මැදි ආදායම් ලාභීන් වෙනුවෙන් රජය හා පෞද්ගලික අංශය එක්ව ඉදිකළ හෝමාගම ග්‍රීන්වැලි මවුන්ට් ක්ලිෆර්ඩ් මධ්‍ය පන්තික මහල් නිිවාස ව්‍යාපෘතිය හෙට (17දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේගේ ඇරයුමෙන්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිමට නියමිතය.
මෙහි ඉදිකර ඇති ඇති සමස්ථ නිවාස ප්‍රමාණය 830 කි. අදාළ නිවාස වෙතින් නිවාස 688 ක් මධ්‍ය ආදායම්ලාභීන්ට දැරිය හැකි මිළකට ලබාදී ඇති අතර, ඉතිරි නිවාස 142 වඩාත් පහසුකම්වලින් සමන්විත නව නිවාස ලෙසින් ඉදිවි තිබේ.
රුපියල් මිලියන 5292 ක මූල්‍ය ආයෝජනයකින් ඉන්ටර්නැෂනල් කන්ට්‍රක්ෂන් කොන්සෝටියම් පෞද්ගලික සමාගම මෙම නිවාස ව්‍යාෘතියේ පෞද්ගලික ආයෝජකයා වශයෙන් කටයුතු කරයි.
අභ්‍යන්තර මාර්ග පද්ධති, විධිමත් මලාපවහන පද්ධති, වාහන නවතා තැබිමේ පහසුකම්, ශාරිරික සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම පිහිනුම් තටාක සහ සුපිරි වෙළඳසැල් ද මෙම ව්‍යාපෘතිය සතුවේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

