වසර 30 ක් මාලදිවයින පාලනය කළ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
තමාට වෛරසය ආසාදනය වී ඇති බව හිටපු ජනාධිපතිවරයාද තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මාලදිවයිනේ සෞඛ්‍ය බලධාරීන් මේ සතියේ අනතුරු ඇඟවූයේ ජනාකීර්ණ අගනුවර වන මැලේ හි වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා විය හැකි බවයි.
150,000ක ජනගහනයක් සිටින නගරය අගෝස්තු මස ආරම්භයේ සිට සෑම දිනකම පාහේ කොවිඩ්-19 ආසාදිතයන් 100 කට වඩා වාර්තා වී තිබේ.