පසුගිය මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන පැමිණ ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති ප්‍රකාශය මහබැංකුව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22දා) පැවසීය.
මලික් සමරවික්‍රම මහතා පවසන ආකාරයට පසුගිය මාස දෙක ඇතුළතදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන පැමිණ නොමැති බවත්, එය සංඛ්‍යා දත්ත සහිතව මහ බංකුව හා මහාභාණ්ඩාගරය ඔප්පු කර පෙන්විය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
