මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පුද්ගලික පනත පාර්ලිමේන්තුවට
මරණීය දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (01දා) ඉදිරිපත් කළේය.
පෞද්ගලික මන්ත්‍රිවරයෙකුගේ පනත් කෙටුම්පතක් ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් විය.
කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීම සමඟ සහ ඉන් පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමින් දඬුවම් කිරීම ලෙස සංශෝධනය වන බව එහි සඳහන් වෙයි.
මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ නම් එම පුද්ගලයා එම වරද සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම වූ පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවද එහි දක්වා තිබේ.
මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මරණයෙන් දඬුවම් කර ඇති වරදක් සිදුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයකින් දඬුවමක් නියම කොට නොමැතිනම් එම පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින් දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු ලෙසද එහි වැඩිදුරටත් දක්වා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

