මරණීය දණ්ඩන ලැයිස්තුවේ පළමුවෙනියා කාන්තාවක්
බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම කාන්තාවකගේ නමක් ඇතුළත් බවත් එය කනගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයේදී අද (16දා) එක් වූ අවස්ථාවේදීය.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය,
“ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා. අද කුවුරු අකමැති වුණක් කැමති වුණත් පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙයවන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මංකොල්ල කන පාතාලයක්, හොර ඔප්පු හදා ගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ලකන එකක් ක්‍රියාත්මක වෙනවා. තවත් පාතාලයක් තියෙනවා හොටල් පාතාලය. ඒක හික්කඩුව වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. තවත් ප්‍රදේශවල වාහන මංකොල්ල පාතාලය ක්‍රියාත්මක වෙනවා. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි.
මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන් වීම පිළිබඳව කනගාටු වෙනවා. දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබඳව දන්නවා. බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා. මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිවුවා. ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක්.
මේ රට අපි භාර ගන්න කොට නීතිවිරෝධී සංක්‍රමණික පාරාදීසයක්. අපේ රට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබුණා. මේකට නිලධාරීන් සම්බන්ධයි. ඇතැම් බන්ධානාගාර නිලධාරීන් සම්බන්ධයි. ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධයි. හිතන්නේවත් නැති අය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කරන්නේ හරි දේ. වැලිකඩ බන්ධනාගාරය තුළ තමයි මත්කුඩු ජාවාරම මෙහෙය වන්නේ කියලා පුවත්පතක මුල් පිටුවේ පළ වෙලා තිබුණා. හැම අභියෝගයකටම මුහුණ දීලා මේ රටේ පාතාලය, මත්කුඩු ජාවාරම මර්දනය කරන්න කටයුතු කරනවා. යැයි පැවසීය.

popular news
-
Champa Monday, 16 July 2018 05:04 PM
සමහරු බලන් හිටිය වෙලේ සුදයි අර අනිත් මිනිහ සුසේයිවයි එල්ලයි කියලා. සමහරු එහෙම හිතල මරණ දඬුවමට උඩ පැනල කැමති වුන. ඔන්න පේනවා නේද? දේශපාලන හයිය තියෙනව නම් එල්ලුම් ගහෙන් වුනත් බේරෙන්න පුළුවන්. මේ කාන්තාව කුඩු ප්‍රවාහනය කරපු කෙනෙක් වෙන්න ඇති. ප්‍රවාහනය කරන්න කුඩු දීපු මිනිහ එළියේ. කුඩු ගෙනියපු ගැහැණි එල්ලලා මරනවා. නෙද්දකින්. කැකිල්ලේ රජ්ජුරුවන්ටත් ලජ්ජා හිතෙනවා ඇති මේ වගේ වැඩ වලට.
Reply : 1 0
Champa Tuesday, 17 July 2018 05:24 PM
දේශපාලන සම්බන්ධකම් තියෙන මහ කුඩ්ඩො දෙන්න සල්ලි වීසි කරලා appeal කරලා එල්ලුම් ගහෙන් බේරෙනවා. පොඩි කුඩ්ඩො appeal කරන්න සල්ලි නැති හින්ද එල්ලුම් ගහේ එල්ලලා මරනවා. අන්තිම අසාධාරණයි. මුලදීම විරුද්ධ වුනා වගේ ආපහු කියනවා එල්ලුම් ගස් යන්නේ මහා පරිමාණ ජාවාරම්කාරය නෙමෙයි දෙවෙනි පෙළ කුඩ්ඩො විතරයි. බොරු වැඩක්. නීති තද කළා නම් ඉවරයි. උදාහරණයක් විදියට මත්ද්‍රව්‍ය නිසා හිරේ යන අපරාධකාරයන්ට අභියාචනා කිරීමේ අයිතිය නැති කරන්න ඕනේ.අමුත්තන් හමුවීම තහනම් කරන්න ඕනේ. එල්ලුම් ගහ ගේන්න පුළුවන් නම් ඒ වගේ සුළු නීති ගේන්න බැරිද?
Reply : 0 0
කපිල Wednesday, 18 July 2018 09:27 AM
කුඩ්ඩා ලොකු උනැත පොඩි උනත් ගැහැණු උනත් පිරිමි උනත් එකම දඬුවම දිය යුතුයි, සිංගප්පුරුවේ කුදු ග්රැම් එකක් ළඟ තිබුනත් මරණ දඬුවම. එහෙම නැතුව රට හදන්න බෑ.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

