මරණයට බයේ රැස්වීම්වලට නොයයි කියලා හිතනවානම් ඒක වැරදීමක් - MR
තමන්ගේ මෙන්ම තම පවුලේ ආරක්ෂාව වැඩි කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා තිබේ.
ඔහුගේ ආරක්ෂාව බාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම රජයෙන් කර තිබේ.
අද පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
"මරණයට බයේ රැස්වීම්වලට නොයයි කියල හිතනවානම් වැරදීමක්" යැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කළේය.

popular news
-
Champa Wednesday, 26 September 2018 04:12 PM
හිටපුජනාධිපතිතුමා, හරි නම් ඔබ කියන්න ඕනේ නැහැ, CID එක කතාව දැන ගත්ත ගමන් recommend කරන්න තිබුන ඔබේ ආරක්ෂාව වැඩි කරන්න කියලා. අනිවාර්යයෙන්ම ඔබට වැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ. නාමල්කුමාර ඔබේ නම අතැරලා මෛත්‍රී ගෝඨාභයගේ නම්දෙක විතරක් කියන කොට මට නම් හිතුන ඒ දෙන්නට නෙමෙයි ඇත්ත තර්ජනය තියෙන්නේ ඔබට කියලා. ඒක ඉස්කෝලේ යන ළමයෙක්ට වුනත් තේරෙනවා. ඔබ දේශපාලනයේ ඉන්න එක කෙලින්ම පාර්ශව තුනකට වදයක් වෙලා තියෙනවා. ඊළඟට කොටි ඩියස්පොරාවට බෙදුම්වාදී දෙමල මුස්ලිම් පක්ෂ වලට ඔබ නැවත දේශපාලනයට ආපු එක හිසරදයක්. ඔබ නොහිටින්න මෙලහට එවුන් රනිල්වයි මෛත්රිවයි බය කරගෙන උතුර නැගෙනහිර බෙදාගෙන. ඊළඟට ඔබව පරද්දන්න පෙරමුණ ගත්ත ඉන්දියාව ඇතුළු අනෙක් රටවලට ඔබ හිසරදයක්. ඔවුන් කවදාවත් හිතුවේ නැහැ ඔබ නැවත දේශපාලනය එයි කියලා. කොටින්ම මුළු රටේම අනාගතය රැඳිල තියෙන්නේ ඔබේ ජීවිතය උඩ. ඔබේ ජීවිතයට කිසි කරදරයක් වෙන්නේ නැහැ ඔබව දළදා සමිඳු ආරක්ෂා කරනවා. හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ වෙඩි උණ්ඩයකට බෝම්බයකට (ඒවා වලකිනවා) වඩා ඔබට අභිරහස් රෝගයක් වැලඳෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ස්වභාවිකව නෙමෙයි. ලංකාවේදී නොවෙන්නත් පුළුවන්. එත් ජිවිත හානියක් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

