මරණ දඬුවමට සහාය නෑ - අගමැති
පර පණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එහෙයින් මෙම ගැටළු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපති සහ කථානායක සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (30) වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවැති ජනහමුව අමතමිනි.
2016 වසරේ එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සහය ලබාදුන් බවද ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් ද, තමා අගමැති වශයෙන් ද තනතුරු දැරූ බව වික්‍රමසිංහ මහතා කීය.
2018 වසරේ දෙසැම්බර් 17 වනදා එක්සත් ජාතීන් එම යෝජනාව යළි සමාලෝචනයට භාජනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව ඊට සහය දුන් අතර, එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුර ද, මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර දැරූ බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින්ම තීරණය කළ බවත්, ඉන්පසු ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් ඒ තීරණය ඉදිරියට ගෙන ගිය බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

popular news
-
කෝලිත Sunday, 30 June 2019 06:55 PM
රට ඇමරිකන්නුන්ට දෙන්න සහයත් නැත්ද....? ..
Reply : 0 3
kelum Monday, 01 July 2019 02:07 PM
මෙයා ඉතින් සහය දෙන්නේ මහ බැංකුව හොරා කන්න.විල්පත්තුව කපද්දී කපන එඋන් ආරක්ෂා කරන්න.ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවෙද්දී ලංකාවේ තෙල් මිල වැඩි කරන්න.සුද්දන්ට මේ රටේ දේවල් විකුනන්න.මේ රට සමනල් පාරාදීසයක් කරන්න.එක අතකින් රටක් විදියට ජාතියක් විදියට අපි ආඩම්බර වෙන්න ඕනේ මේ වගේ අගමැති කෙනෙක් අපේ රටට ඉන්න එකට.අපේ මිනිස්සුන්ගේ පිනට පහල උන අපේ අගමැති කෙනෙක් මෙයා.ඉපදෙන හැම අත්මෙකම මෙයා අපේ රටේ මේ මහ පොළොවේ ඉපදෙන්න ඕනේ..........
Reply : 0 0
shan Wednesday, 03 July 2019 10:12 AM
oka mehema kewanam hari agamathithumani kudu mudalalila ha anek aparada karayo nathuwa apata arata karanna baha kiyala kiyamu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

