මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපා - HRCSL
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසිකරන ලෙසත් එය ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇතුලු බරපතළ අපරාධ මර්දන කිරීම සඳහා අවශ්‍ය ප්‍රබල හා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙසත් මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් යම් දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහාය බව ප්‍රචලිත කරුණක් බවත් එම ලිපියේ දැක්වෙයි.
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට අදාළව පළවූ ප්රවෘත්ති පිළිබඳව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් මරණ දඬුවම ඉතාමත්ම කෘර හා අමානුෂික දණ්ඬනයක් බවත් ඔවුන් සඳහන් කරයි. ජීවිතයට ඇති අයිතිය කෘර හා අවමන් සහගත දඬුවම්වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමිකම්ද බරපතල ලෙස උල්ලංඝණය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

