මරණ දඬුවම අහෝසි කරන දිනය ජාතික ශෝක දිනයක් කරනවා - ජනපති
මරණ දණ්ඬනය ඉවත් කිරිමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එයට විරුද්ධව ජතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (14දා) මහවැලි ඉඩම් හිමියන්ට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීම සඳහා ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පවැසීය.
මරණ දණඬනය අහෝසි කරන්නේ නම් ශ්‍රී ලංකාව ශිෂ්ඨ රටක් බවට පත් කිරිමට නොහැකි බවත් මරණ දණ්ඩනය අහෝසි කිරිම අපරාධකරුවන්ගේ ජයග්‍රහණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ලෝකයේ නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට කටයුතු නොකිරීමට හේතු වන්නේ ඔවුන්ව ඝාතනයට ලක්වීම හෝ බලයෙන් පහ කිරිමට කටයුතු කිරීම බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් මරණ දඬුවම ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
අසල්වැසි ඉන්දියාවෙත්, සිංගප්පූරුවෙත් ප්‍රාන්ත කිහිපයක හැර ඇමෙරිකාවෙත් මරණ දඬුවම ක්‍රියාත්මක බව ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Champa Monday, 15 July 2019 01:25 AM
ඔය කියන රටවල් එකක්වත් බෞද්ධ රටවල් නෙමෙයි. උදේ හවා පිරිත් කියන, පාසල් වල වැඩ පටන් ගන්න පන්සිල් සමාදන් වෙන, පෝයට සිල් ගන්න බෞද්ධයෝ ඉන්න එකම රට ලංකාව. ලංකාවට වැඩියෙන්ම මත්ද්‍රවය ආවේ මේ ජනාධිපතිගේ කාලේ. අවුරුදු 4ක් එහෙම වෙන්න ඉඩ ඇරලා එක පාරට මතක් වුනා මත්ද්‍රව්‍ය නැති කරන්න. මත්ද්‍රව්‍ය පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. රටේ නායකයා අතේ ලේ තවරා ගෙන මිනිස්සු එල්ලලා මරණ පටන් ගන්න දවස කොහොමත් ජාතික ශෝක දිනයක් තමයි. ඒ මොකොද එදාට බුද්ධාගමේ අවසානයත් පටන් ගන්න දවස සහ ලංකාව තවදුරටත් බෞද්ධ රටක් කියල කියන්න බැරි වෙන දවස නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

